දිරිය සහන වැඩසටහන


උතුරුමැද පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා උතුරුමැද පළාත් ස්වයං රැකියාලාභින් සහ කුඩා පරිමාණ නිෂ්පාදකයින් සවිබල ගැන්වීමේ අරමුණින් දිරිය සහන වැඩසටහන උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.මේයටතේ නව ස්වයං රැකියා සඳහා ජනතාව පෙළබවීම හා දැනට ස්වයං රැකියාවක නියුතුව සිටින ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මුලික අපේක්ෂාවයි.

2019 වර්ෂයේ මෙම වැඩසටහන  ප්‍රධාන අධියර 3 ක් යටතේ ක්‍රියාත්මකවේ.

  • 40% සහන පදනම මත  ස්වයං රැකියා උපකරණ ලබා දීම.
  • ධාරිතා සංවර්ධන හා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ අළෙවි සැල හා වෙළද ප්‍රදර්ශනය.

2019 වර්ෂයේ ප්‍රතිලාභින් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැදවීම මේ දින වල සිදුවෙමින් පවතින අතර එම අයදුම් පත්‍ර පළාත් සභා සංකීර්ණයේ 4 වන මහලේ ප්‍රධාන අමාත්‍යාංශයේ සැලසුම් අංශයෙන් ලබා ගත හැක .අයදුම් කරුවන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගනිමින් පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර  අයඳුම්පත්‍ර කැදවීමේදි පහත උපදෙස් හා කොන්දේසි පිළිබද අවධානය යොමු කරයි.

  • අයදුම් කරු උතුරු මැද පළාතේ ස්ථිර පදිංචි කරුවෙකු විය යුතුය.
  • අයදුම්කරු අනිවාර්යයෙන්ම ස්වයං රැකියාවක , සුළු හෝ මධ්‍ය පරිමාන නිෂ්පාදනයක නියුතුවන්නෙකු හෝ  ස්වයං රැකියාවක නියුතු වීමට බලාපොරොත්තු වන්නෙකු විය යුතුය. (ස්වයං රැකියාවක නියුතුවීමට බලාපොරොත්තු වන්නෙක්නම් වෘත්තීය පුහුණුව සහිත අඩු ආදායම් ලාභියෙකු විය යුතුය.)
  • අයදුම්කරු ස්වයං රැකියාවක/කුඩා හෝ මධ්‍ය පරිමාන නිෂ්පාදනයක නියුතුව සිටින බවට ග්‍රාම නිලධාරී  හා පදිංචි ප්‍රදේශය අයත්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු (පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ) සංවර්ධන නිලධාරි තුමාගේ නිර්දේශය සහිත විය යුතුවේ.
  • භාණ්ඩයේ ප්‍රසම්පාදිත වටිනාකමින් 40%  වටිනාකම ගෙවීමේ හැකියාව ප්‍රතිලාභිය සතුවිය යුතුය.
  • එක්  ප්‍රතිලාභියකු  වෙනුවෙන්  ප්‍රධාන  අමාත්‍යාංශය  මගින්   දරනු ලබන උපරිම   මුදල   රු.45,000/-කි.
  • අයදුම්කරන්නාගේ පුද්ගලික ව්‍යවසාය පිළිබඳව “දිරිය සහන  ක්‍රියාකාරී කමිටුව”  සෑහීමකට පත්වන්නේ නම් පමණක් මෙම වැඩසටහනින් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔහු/ඇය සුදුසුකම් ලබයි.
  • සුදුසුකම් සහිත උවද  වාර්ෂික ප්‍රතිපාදන ප්‍රමාණය මත  තෝරාගත හැකි ප්‍රතිලාභීන් සංඛාව තිරණය වන බව කාරුණිකව අවධාරණය කරමි.

පසුගිය වසරේ ක්‍රියාත්මක වු වැඩසටහන් පහතින් දැක්වේ.

  1. බොන්සායි කලාව හදුන්වා දීමේ වැඩසටහන
  2. මැෂින් අලුත්වැඩියා කිරීම පිළිබඳ පුහුණු පාඨමාලාව
  3. රුපලාවන්‍ය හා කොන්ඩාමෝස්තර පුහුණු පාඨමාලාව
  4. ව්‍යවසාය කළමණාකරණය හා ක්ෂුද්‍ර මුල්‍ය කරණය පිළිබඳ පුහුණු පාඨමාලාව
  5. උසස් පාවහන් නිෂ්පාදනය පිළිබද පුහුණු පාඨමාලාව
  6. උසස් බෑග් නිෂ්පාදනට පිළිබද පුහුණු පාඨමාලාව
  7. තිරරෙදි හා මඳුරු දැල් මැසීම පිළිබද පුහුණු පාඨමාලාව
  8. මුලික මැහුම් පාඨමාලාව හා මංගල සාරි ජැකට් මැහුම් පාඨමාලාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *