ප්‍රධාන ක්‍රියාකාරකම්

_

ආයතන අංශය

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ හා ඒ යටතේවන සියලුම ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන වල සහභාගීත්වයෙන් පළාත් පාලන , ග්‍රාමීය යටිතල පහසුකම් ආගමික කටයුතු , විකල්ප බල ශක්ති ජනමාධ්‍ය හා සන්නිවේදන , පුස්තකාල ,මුද්‍රණ හා තාක්ෂණ  සේවා  , ජනතා සුභසාධන , හා සවිබල ගැන්වීම ,සංචාරක ,අධ්‍යාපන , සංස්කෘතික මුල් ළමාවිය අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීම හා පළාතේ  තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වන බැවින් ඒ සඳහා සක්‍රීයව දායක වීම.

මෙම අරමුණ සාර්ථක කරගැනීම සඳහා සහය වන ප්‍රධාන අමාත්‍යාංශයේ  හා යටතේ වන සියලුම ආයතන වල මාණ්ඩලික නිළධාරිනන්ගේ හා සෙසු නිළධාරින්ගේ , සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු නිසියාකාරව යාවත්කාලීන කිරීමෙන් හා නියමිත කාල වකවානු  තුළ උසස්වීම් ලබාදීම මෙන්ම සියලුම අණ පනත් , රෙගුලාසි අනුව හිමි වරප්‍රසාද ලබාදීම තුලින් සේවක අභිප්‍රේරණය වර්ධනය කිරීම.

දිනපතා අමාත්‍යාංශය වෙත ලැබෙන ලිපි අතරින් හදිසි හා වැදගත් ලිපි සම්බන්ධවෙන් ක්ෂණිකව ක්‍රියාකිරීම හා කඩිනම් පිළිතුරු සැපයීම තුළින් කාර්යක්ෂම සේවයක් ඉටු කිරීම.

සංවර්ධන අංශය

ජාත්‍යන්තරව පිළිගත් තිරසාර සංවර්ධන අරමුණු කරා ලගාවීම සඳහා අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් සංවර්ධන ක්‍රියාවලිය සැළසුම්කරණය , ප්‍රගති පාලනය , ඇගයිම හා ව්‍යාපෘති අධික්ෂණය කරමින් පළාතේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක වීම

ඉටු කරනු ලබන කාර්යයන්.

  • අමාත්‍යාංශයේ දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැළසුම් පිළියල කිරීම
  • වර්ෂය සඳහා ක්‍රියාකාරි සැළසුම් පිළියල කර එය ක්‍රියාත්මක කිරීම, ප්‍රගති ඇඟයීම හා අපේක්ෂිත ඉලක්ක ලගා කර ගැනීම.
  • සංවර්ධන සැළසුම් සඳහා දත්ත රුස් කිරීම , පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීම.
  • සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම
  • අමාත්‍යාංශයට අදාල සංවර්ධන සැළසුම් සකස්කිරීම,ප්‍රගති ඇඟයිම හා ඉලක්කයන් කරා ලගාවීම.
  • ආංශික සැළසුම් හා ආයතනික සැළසුම් පිළියල කිරීම.
  • රාජ්‍ය ප්‍රතිපත්ති හා සැළසුම් රැස් කරගැනීම හා පළාතෙහි සැලසුම් සඳහා අදාල ගැනීම.
  • නව ව්‍යාපෘති හදුනාගැනීම , ඇගයිම හා තක්සේරුව
  • ව්‍යාපෘති අධික්ෂණය හා පසුවිපරම් කිරීම
  • දෙපාර්තමේන්තු සැලසුම් ඒකක සම්බන්ධිකරණය.
  • වෙනත් ආයතන සමඟ සැලසුම් කටයුතු සම්බන්ධිකරණය

ගිණුම් අංශය

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය හා නීතිය හා සාමය, මුදල් හා ක්‍රම සම්පාදන, පළාත් පාලන, ග්‍රාමීය යටිතල පහසුකම්,විශේෂ ව්‍යාපෘති , සංචාරක, පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණය,ඉංජිනේරු ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් අයත් වැය ශිර්ෂය යටතේ ඇස්තමේන්තු සකස් කිරීම , මුදල් වර්ෂයෙන් අමාත්‍යාංශයට  හා අමාත්‍යාංශයට අනුබද්ධිත ව්‍යාවස්ථාපිත ආයතන වන පුසුතකාල සේවා මණ්ඩලය ,සංවර්ධන යන්ත්‍රෝපකරණ ඒජන්සිය , මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන ද , යටත් දෙපාර්තමේන්තු වන පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව පලාත් පාලන දෙපාර්තමේන්තුව හා පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙත වෙන් වෙන් කරනු ලබන මූලධන ප්‍රතිපාදන  ද , රේඛිය අමාත්‍යාංශය යටතේ විශේෂ ව්‍යාපෘති යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදන ද විවදම්

කිරීම , එම වියදම් කිරීමට අදාල සියලු ගිණුමු ලැබීම් හා පොත්පත් නඩත්තුව , ප්‍රසම්පාදන කටයුතු හා  ගබඩා පවත්වාගෙන යාම, වත්කම් කළමණාකරණය , ගිණුම් වාර්තා සැකසීම, ගිණුම් කටයුතු වලට අදාල ලිපිගොනු පවත්වාගෙන යාම ,

විගණන විමසුම්,විගණන කළමනාකරණ කමිටු, සියලු ලැබීම් හා ගෙවීම් පරික්ෂාවට ලක්  කිරීම සහ තහවුරු කිරීම , ගෙවීම් කටයුතු, බැංකු ගිණුම් පවත්වාගෙන යාම,වාර්ෂික අවසන් ගිණුම් පිළියල කිරීම.

අධ්‍යාපන අංශය

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා කළාප අධ්‍යාපන කාර්යාල 8 ක් පවතින අතර එම කලාප වල සම්බන්ධිකරණ කටයුතු සදහාකොට්ඨාස අධ්‍යාපන කාර්යාල 30 ක් ද ස්ථාපිත කර ඇත.ඒ අනුව පළාත් අධ්‍යාපන දෙබාර්තමේන්තුව මගින් නිර්දේශ කර එවන රාජකාරී කටයුතු සදහා අනුමැතිය ලබාදීම හා නිර්දේශ ලබාදීම , ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන අංශය මගින් සිදු කෙරේ.