සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය

1990 අංක 11 දරණ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය  පිහිටුවීම පිළිබද වූ ප්‍රඥප්තියට අනුකූලව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පරිපාලනය වන්නාවූ ව්‍යවස්ථාපිත ආයතනයක්  ලෙස හැදින්විය හැකිය.  1990 මැයි මස 01 දින එවකට හිටපු පළාත් ප්‍රධාන අමාත්‍යය පී. ඩී මහින්ද සෝම මහතා විසින්  ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සදහා මෙම ආයතනය ආරම්භ කර ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලක් ලෙස නැවත මෙම පරිශ්‍රය පළාත් සභාව වෙත පවරා ගනිමින් අනතුරුව සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය නමින් ස්ථාපිත කරන ලදි.

ආරම්භයේදී මෙම ආයතනය මගින් පළාතේ කෘෂිකාර්මික , වාරිමාර්ග, මහාමාර්ග ඉදිකිරීම්, ගොඩනැගිලි නඩත්තු කටයුතු  සිදු කිරීම වාහන සහ යන්ත්‍ර/සූත්‍ර අළුත්වැඩියාව හා සේවා කිරීම මෙන්ම පළාතේ මුල් පෙලේ මුද්‍රණාලයක්ද මෙම ආයතනය සතුව ඇත. ඒ අනුව ගුණාත්මක බාවයෙන් සහ කාර්යක්ෂම ලෙස අඩු පිරිවැයක් යටතේ අවශ්‍ය මුද්‍රණ ඇණවුම් ලබාදීමේ හැකියාවක් ආයතනය සතුව ඇත.

වර්ෂ 2017 අවසාන භාගයේදී එවක පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කල පේශල ජයරත්න බංඩාර මැතිතුමාගේ සංකල්පය අනුව ආරම්භ කරන ලද  උතුරු මැද පළාත් සභා  ආරක්ෂක ඒකකයද මෙම ආයතනය හරහා ක්‍රියාත්මක වේ. මේ වන විට රැකියා  විරහිත තරුණ  තරුණියන් සියයකට ආසන්න  ප්‍රමාණයක් සේවා  නියුක්තව සිටි. එයද පලාතේ සේවා වියුක්තියට විසදුමක් හා ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට පිටුවහලක් ලෙස හැදින්විය  හැකිය.

ඉදිරි දැක්ම

උතුරු මැද පළාත් සභාවේ ඉලක්කගත අරමුණ හා අපේක්ෂාවන් සපුරා ගැනීම සදහා සහායවන ප්‍රමුඛ ආයතනයක් බවට පත් වීම හා පළාත් සභාවට අරමුදල් සපයන මූලාශ්‍රයක් බවට පත් වීම.

  මෙහෙවර

ඉදිකිරීම් කටයුතු සදහා යන්ත්‍රෝපකරණ කුලි පදනම මත සැපයීම, යන්ත්‍ර වාහන අලුත්වැඩියා කටයුතු,සේවා කටයුතු සිදුකිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හී මුද්‍රණ කටයුතු සහ වෙනත් විශේෂ ව්‍යාපෘති
සදහා සක්‍රීයව දායකවීම සහ යම් නිර්මාණ කටයුක්තක් හෝ සේවා සැපයීමක් උපරිම ඵලදායිතාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීමේ අභිලාශය පෙරදැරිව උතුරු මැද පළාතේ ජනතාවගේ ආර්ථික අභිවෘද්ධිය සදහා සක්‍රීයව දායක වීම.

 අරමුණු

  දිගු කාලීන අරමුණ

  1. උතුරු මැද පළාත් සභාවට අරමුදල් සපයන මූලාශ්‍රයක් බවට පත්වීම සදහා කටයුතු කිරීම.
  2. පළාත් සභාවට බහුවිධ සේවාවන් සපයන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් මුද්‍රණ, යාන්ත්‍රික හා සේවා අංශයන්ගෙන් ලබා දෙන සේවාවන් පුළුල් කිරිම තුළින් උතුරු මැද පළාත තුළ ප්‍රමුඛතම සේවා සපයන ආයතනය බවට පත්වීම හා ඒ තුළින් ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම.
  3. විවිධ අංශ කෙරෙහි වෙන් වෙන් වශයෙන් වූ පරිපූර්ණ දැනුම හා කුසලතාවයෙන් උසස් මානව සම්පතක් බිහි කිරිම තුළින් පළාතේ හදිසි ඕනෑම අවශයතාවයකදි දායකවීමට හැකිවන අයුරින් කටයුතු
    කිරීම.
  4. නවීන තාක්ෂණය හා කාර්යක්ෂමතාවයකින් ඉහළ යන්ත්‍ර සූත්‍ර  හා උපකරණ සහිත ආයතනයක් බවට පත්වීම තුළින් පළාත් සංවර්ධනයට දායකවීම.
  5. රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නැංවීම සදහා එමගින් රජය විසින් අපේක්ෂා කරන අරමුණු ළඟ කිරිම සදහා සක්‍රීයව දායකවන ආයතනයක් බවට පත් වීම.

     කෙටි කාලීන අරමුණු

  1. යාන්ත්‍රික,මුද්‍රණ හා සේවා අංශයන් සංවර්ධනය කිරිම සඳහා නව යන්ත්‍ර සූත්‍ර උපකරණ මිලට ගැනීම.
  2. සියලුම ඉදිකිරීම් හා වෙනත් යාන්ත්‍රික කටයුතු නිසි ප්‍රමිතියට හා කලටවේලාවට සිදු කර ගැනීම.
  3. පෞද්ගලික අංශය හා තරඟ කිරිමට හැකිවන පරිදි මුද්‍රණ අංශය සංවර්ධනය කිරිම.
  4. යන්ත්‍ර වාහන කුලි පදනම මත ලබාදීම තුළින් ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සදහා කටයුතු කිරිම.
  5. වාහන සේවා අංශ මගින් අවම මිලට කඩිනම් සේවය.

 ප්‍රධාන කාර්යයන්

  • රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි මුද්‍රණ කටයුතු සිදු කිරිම.
  • වාහන අළුත්වැඩියා හා සේවා කටයුතු.
  • ටයර් සේවා කටයුතු සිදු කිරිම.
  • උතුරු මැද පළාත තුළ විශේෂ ව්‍යාපෘති සඳහා දායක වීම.
  • යන්ත්‍ර කුලි පදනම මත ලබා දීම.
  • පළාත් සභාව හා අනුයුක්ත රාජ්‍ය ආයතනයන්ට ආරක්ෂක සේවා හා සනීපාරක්ෂක සේවා සැපයීම.
  • ආපදා කටයුතුවලදී ජංගම සේවාවන් පැවැත්වීම.
  • ප්‍රායෝගික පුහුණු හා උපදේශන කටයුතු සපයමින් සම්පතදායකයෙකු ලෙස කටයුතු කිරිම.

  ප්‍රධාන උපාය මාර්ගයන්

  • මුද්‍රණ අංශය මඟින් කරනු ලබන සියලුම මුද්‍රණ කටයුතු සඳහා නිසි ප්‍රමිතියට අනුව නියමිත වේලාවට ලබාදීම සදහා නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගි කර ගැනීම.
  • යන්ත්‍ර / වාහන කුලියට දීමෙන් ලැබෙන ආදායම් වැඩිකර ගැනීම සදහා වැඩි වශයෙන් රාජ්‍ය හාපුද්ගලික අංශයන් වෙත යන්ත්‍ර / වාහන සැපයීම අරමුණකි.
  • වාහන සේවා අංශයමගින් අවම මිලට කඩිනමින් සේවාවන් ලබාදීම.
  • ආයතනයේ පළපුරුදුකාර්යක්ෂම කාර්මිකයින් ලවා වාහන අලුත්වැඩියා කිරිම සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම.
  • සියළුම ඉදිකිරිම් හා වෙනත් ව්‍යාපෘති කටයුතු නිසි ප්‍රමිතියට අනුව කලට වේලාවට සිදුකර ගැනීම.
  • ඉහත ප්‍රධාන කාර්යයන් වලට අදාලව දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතනවල අනුග්‍රහය ලබා ගැනීම සදහා ප්‍රධාන අමාත්‍යංශයේ සහාය ලබා ගැනීම.

 

දුරකථන අංකය

Lorem ipsum dolor sit amet, conse ctetur adipi scing elit. duis odio nisl tinci dunt eturn sed molis velit.

විද්‍යුත් ලිපිනය

Lorem ipsum dolor sit amet, conse ctetur adipi scing elit. duis odio nisl tinci dunt eturn sed molis velit.