සූර්ය වීදි ලාම්පු සහ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය


සූර්ය වීදි ලාම්පු සහ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය

වර්තමාන ලෝකය මුහුණ දෙන ගැටලු අතර බලශක්ති
අර්බුදය සුවිශේෂි වේ. මේ වන තෙක්
ජනප්‍රිය  බලශක්ති මධ්‍යක් ලෙස භාවිතා වු පොසිල ඉන්ධන  ක්‍රමයෙන් ක්ෂය වීමත්  ඒවා  නැවත නිෂ්පාදනය මන්දගාමී ස්වරූපයකින් සිදුවන  බැවින් වසර 100 ය කින් පමණ බලශක්ති අර්බුධය ඉතා
උග්‍ර තත්වයකට  පත්විම වැලැක්විය නොහැක.මෙම
ගැටලුව හමුවේ ලෝක ප්‍රජාව  විකල්ප බලශක්ති  කෙරෙහි අවධානය  යොමු කිරීම වේගවක් කර ඇති අතර සූර්ය විදුලි බල
උත්පාදනය  විකල්ප බලශක්ති   අතර කාර්යක්ෂම
හා ඵලදායී ක්‍රමයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනබව මේ වන විට
තහවුරුවී ඇත.

මෙම කරුණු පිළිබදව අධ්‍යයනය කිරීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශය මගින් අනුරාධපුර හා පොළොන්නරුව  යන දිස්ත්‍රික්ක 2 හි  ප්‍රාදේශීය සහා මට්ටමින් තෝරාගත් සංචාරක ආකර්ශණ  ස්ථානයන් හි සූර්ය වීදිලාම්පු සවිකිරීම , ජාතික විදුලිබල පද්ධතිය මගින් විදුලිය ලබාගත නොහැකි මහජනතාව නිතරගැවසෙන ස්ථානයන්හි සූර්ය වීදි ලාම්පු සවිකිරීම සහ නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරා ගත් පාසැල් 10 ක් සදහා සූර්යපැනල ස්ථාපිතකිරිම මෙම ව්‍යාපෘතිය මගින් සැළසුම් කර ඇත.තවද  මහජනතාව අතර පරිසර දූෂණයෙන් තොර විකල්ප බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම හා බල ශක්තිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම විශාල බල ශක්ති ප්‍රමාණයක්  මෙම ව්‍යාපෘතිය මගින් ඉතිරිකරදීම මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම කර ඇත.

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වේ .

  • මහජනතාව නිතර ගැවසෙන ජාතික විදුලි පද්ධතිය මගින් විදුලිය ලබා ගත නොහැකි ස්ථානවල සූර්යවීදි ලාම්පු සවිකිරීම
  • තෝරාගත් පාසැල් 10 ක් සදහා සූර්ය පැනල සවිකිරීම තුලින් එම පාසැල්වල විදුලි බිල අවම කිරීම සදහා කටයුතු කිරීම
  • සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි  සූර්ය වීදි ලාම්පු සවිකිරීම

01 තෝරාගත් පාසැල් 10 ක් සදහා සූර්ය පැනල සවිකිරීම තුලින් එම පාසැල්වල විදුලි බිල අවම කිරීම සදහා කටයුතු කිරීම

මේ යටතේ මහින්දෝදය විද්‍යාගාර පවත්වාගෙන යනු ලබන පාසල් 12 ක් තෝරා ගන්නා ලදි.

  • වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල
  • නොච්චියාගම විද්‍යාදර්ශ විදුහල
  • මිහින්තලේ මහ විදුහල
  • ගලෙන්බිදුණුවැව මහා විදුහල
  • කහටගස්දිගිලිය මධ්‍ය මහා විදුහල
  • විද්‍යාලෝකමහා විදුහල තිබිබටුවැව
  • ගල්නෑව මධ්‍ය මහා විදුහල
  • මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල , මැදවච්චිය.
  • තෝපාවැව මහා විදුහල
  • දිඹුලාගල විලයාය මධ්‍ය මහා විදුහල
  • ආනන්ද බාලිකා ජාතික පාසල
  • මැදිරිගිරිය ජාතික පාසල

02 සංචාරක ආකර්ෂණිය ස්ථානයන්හි සුර්ය විදි ලාම්පු සවිකිරීම

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *