1 මුල් ළමාවිය සංවර්ධන අධිකාරීය

හැදින්වීම

සැම දරුවෙකුම සුවිශේෂි වන අතර, සමාන වටිනාකමකින් යුක්ත වේ. දරුවාට ආවේනික වේගයකින් සංවර්ධනය වන අතර, හැකියාවන්ගෙන් හා දක්ෂතාවයන්ගෙන් යුක්ත වේ.

උතුරු මැද පළාත් මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය පෙර පාසල් සමඟ එක්ව ළමා සංවර්ධනයට බලපාන පවුල, ප්‍රජාව හා සංස්කෘතිය යන සාධක හා බැඳුනු සන්දර්භයක් තුල පෙර පාසල් දරුවන්ගේ සංවර්ධනය උදෙසා සමෝධානිත ඉගෙනුමක් ලබා දෙනු ලැබේ. දරුවන්ගේ සංවර්ධනය උදෙසා දරුවන්ට සැලසෙන රැකවරණය ප්‍රමුඛ කොට සලකන අතර, දෙමාපියන්, පෙර පාසල් ගුරුවරුන් හා ප්‍රජාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතු ය.

පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා කායික සංවර්ධනය, සමාජිය හා චිත්තවේග සංවර්ධනය, ප්‍රජානන හැකියා සංවර්ධනය හා භාෂාව හා මුල් කාලීන සාක්ෂරතාවය ප්‍රමුඛ කොට ගත් ඉගෙනුම් ඵල වලට අදාල නිපුනතාවයන් හෙබි පුංචි දරුවන් තම දැනුම, ආකල්ප, කුසලතා, දියුණු කර ගනිමින් අනාගතය කරා පියනඟනු දැකිම අපගේ අභිප්‍රායයි.

දැක්ම

සතුටින් පිරි නිපුණතාවයෙන් හෙබි සදාචාර සම්පන්න පෙර පාසල් දරුවන්උතුරු මැද පළාත තුළ බිහිකීරීම

මෙහෙවර

උතුරු මැද පළාත තුළ (අනුරාධපුර / පොළොන්නරුව ) විවිධත්වයෙන් යුතු, මනා ක්‍රියාකාරීත්වයෙන් හෙබි, නිසඟ කුසලතාවයෙන් යුත්, සෞන්දර්යාත්මක හැඟීමෙන් පිරිපුන්, සාරධර්ම සපිරි, පෙරපාසල් දරු පරපුරක් බිහි කිරීම සඳහා මධ්‍යම රජයේ හා පළාත් සභාවේ මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ද සම්බන්ධ කර ගනිමින් 2003 අංක 04 දරණ ප්‍රඥප්තියට අනුකූලව වැඩසටහන් සම්පාදනය, සම්බන්ධීකරණය හා ඵලදායී ලෙස මෙහෙයවීම පිළිබඳව පළාතේ කේන්ද්‍රීය ආයතනයක් ලෙස කැපවීමෙන් කටයුතු කිරීම.

අරමුණු

දිගුකාලීන අරමුණු

  1. ගුණාත්මක සේවා සපයන පෙර පාසල් ගුරු පද්ධතියක් ඇති කිරීම.
  2. පුර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳව මනා දැනුමක් සහිත සමාජයක් ඇති කිරීම.
  3. සමස්ථ ප්‍රජාවට ගුණාත්මක සේවාවන් සපයන ආයතනයක් බවට පත් කිරීම.
  4. සංහිඳියාවෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම.

කෙටිකාලීන අරමුණු

  1. ළමා සංවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම.
  2. ගුරුවරියන්ගේ දැනුම යාවත්කාලීන කිරීම, ළමා ආරක්ෂණයට සුදුසු පරිදී දෙමාපියන් දැනුවත් කිරීම.

ප්‍රධාන කාර්යයන්

  1. උතුරු මැද පළාතේ පූර්ව ළමා අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා මග පෙන්වීම.
  2. පෙර පාසල් ලියාපදිංචිය හා අධීක්ෂණය කිරීම.
  3. පෙර පාසල් ගුරුවරියන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නියමයන් පැනවීම.
  4. පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීම හා පුහුණුව ලැබූ අයට සහතික පත්‍ර ලබා දීම.
  5. පෙර පාසල් දරුවන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය හා පෝෂණය ඇති කිරීම.

ප්‍රධාන උපාය මාර්ගයන්

  1. මානව සම්පත් සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම.
  2. අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ආයෝජන ධාරිතා පුළුල් කිරීම.
  3. මෙම අධිකාරියේ මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම.
  4. රාජ්‍ය නොවන ආයතන හා සංවිධාන වල සහය, අනුග්‍රහය ලබා ගැනීම.