“ටුක් ටුක් වැඩසටහන “


උතුරු මැද පළාතට පැමිණෙන සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වඩා ඵලදායි හා ආරක්ෂක සේවාවක් සැපයිමේ අරමුණින් උතුරුමැද පළාත් සංචාරක කටයුතු අමාත්‍යාංශය ,  ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක පොලිසිය යන ආයතන වල මඟ පෙන්වීම යටතේ පුහුණුව ලත් ත්‍රි රෝද රථ රියදුරන්හට මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.

මෙම දෙදින පුහුණු වැඩසටහනින් පසුව පුහුණුව ලත් ත්‍රි රෝද රථ රියදුරන්හට සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා බල පත්‍රයක් ලබා දිම සිදුවේ

මෙම වැඩසටහනෙහි පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ පුහුණු වැඩසටහන 2019-05-23 හා 24 වන දින පොලොන්නරුව HONEY TREE හෝටලයේදි පැවැත්විය.එහිදි ත්‍රි රෝද රථ රියදුරන් 55 දෙනෙකු සඳහා සහතික පත්‍ර හා බලපත්‍ර ප්‍රධානය සිදුවු අතර එම වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.


මෙම වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුහුණු වැඩසටහන 2019-05-21 හා 22 වන දින පළාත්සභා ශ්‍රවණාගාරයේදි පැවැත්විය.එහිදි ත්‍රි රෝද රථ රියදුරන් 125 දෙනෙකු සඳහා සහතික පත්‍ර හා බලපත්‍ර ප්‍රධානය සිදුවු අතර එම වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *