About Me & Barber Shop

_

01). පෞද්ගලික විදේශ නිවාඩු

 

පහත සඳහන් ආකෘති පත්‍ර සමඟ ආයතන ප්‍රධානියාගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව ඉල්ලීම ඉදිරිපත් කල යුතුය.

අදාල ආකෘති පත්‍ර
  1. පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 3 ක් සහිතව ඉදිරිපත් කල යුතුය) –
  2. උතුරුමැද  පළාතේ නිලධාරීන් දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම් පත්‍රය (පිටපත් 2 ක් සහිතව ඉදිරිපත් කල යුතුය)
  3. රාජකාරි ආවරණය කරන නිධාරියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (පිටපත් 2 ක් සහිතව ඉදිරිපත් කල යුතුය) –
  4. උතුරුමැද  පළාතේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ විදේශ නිවාඩු සටහන් පත්‍රය. –
  5. විදේශ නිවාඩු අයදුම් පත්‍රය අමාත්‍යාංශයට ලැබීමෙන් පසු සහකාර ලේකම්ගේ නිර්දේශය ලබා ගැනීම.
  6. පසුව ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගැනීම.

02). සම්පූර්ණ වැටුප් සහිත රාජකාරී /අධ්‍යයන විදේශ නිවාඩු

 

පහත සඳහන් ආකෘති පත්‍ර සමඟ ආයතන ප්‍රධානියාගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව ඉල්ලීම ඉදිරිපත් කල යුතුය.

අදාල ආකෘති පත්‍ර
  1. පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 3 ක් සහිතව ඉදිරිපත් කල යුතුය) –
  2. 16 පරිශිෂ්ටය (පිටපත් 3 ක් සහිතව ඉදිරිපත් කල යුතුය) –
  3. උතුරුමැද  පළාතේ නිලධාරීන්  දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම් පත්‍රය (පිටපත් 3 ක් සහිතව ඉදිරිපත් කල යුතුය) –
  4. රාජකාරි ආවරණය කරන නිධාරියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  5. උතුරුමැද පළාතේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ විදේශ නිවාඩු සටහන් පත්‍රය.(පිටපත්1)-
  6. 8 පරිශිෂ්ටය (මසකට වඩා වැඩි නම්)
  7. 15 පරිශිෂ්ටය (මසකට වඩා වැඩි නම්) –
  8. පාඨමාලාවට හෝ රැකියාවට තෝරා ගත් ලිපිය.
ඉහත ආකාරයට විදේශ නිවාඩු පත්‍රය අමාත්‍යාංශයට ලැබීමෙන් පසු ප්‍රධාන අමාත්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රධාන ලේකම් වෙත නිර්දේශ කර ඉදිරිපත් කරනු ලබයි.

03). වැටුප් රහිත විදේශ නිවාඩු

 

පහත සඳහන් ආකෘති පත්‍ර සමඟ ආයතන ප්‍රධානියාගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව ඉල්ලීම ඉදිරිපත් කල යුතුය.

අදාල ආකෘති පත්‍ර
  1. පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 3 ක් සහිතව ඉදිරිපත් කල යුතුය)
  2. උතුරුමැද  පළාතේ නිලධාරීන්  දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම් පත්‍රය (පිටපත් 2 ක් සහිතව ඉදිරිපත් කල යුතුය)
  3. රාජකාරි ආවරණය කරන නිධාරියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (පිටපත් 2 ක් සහිතව ඉදිරිපත් කල යුතුය)
  4. උතුරු මැද  පළාතේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ විදේශ නිවාඩු සටහන් පත්‍රය.(පිටපත්1)
  5. අධ්‍යන නම් 9 පරිශිෂ්ටය ,රැකියා නම් 10 වන පරිශිෂ්ටය,අධ්‍යයන රැකියා 02 ම නම් 11 වන පරිශිෂ්ටය
  6. පාඨමාලාවට හෝ රැකියාවට තෝරා ගත් ලිපිය.
ඉහත ආකාරයට විදේශ නිවාඩු පත්‍රය අමාත්‍යාංශයට ලැබීමෙන් පසු ප්‍රධාන අමාත්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ආණ්ඩුකාර ලේකම් වෙත නිර්දේශ කර ඉදිරිපත් කරනු ලබයි.