පළාත් ගීතය

_

දිලේ රන්වැලි සෑ හිසින් හිරු
රන් කිරණ ගෙන සිළුමිණේ
සැලේ මහ බෝ ළදළු පවනින්
සිසිල පතුරා බුදු ගුණේ

සයුරු පරදන වැව් තලා මත
සිය දහස් සියපත් පිපේ
අත වනා සිරිකතට හිනැහෙයි
රන් කරල් පුලතිසි කෙතේ

සව් සිරින් ගැදි පැදි කුසුම් මී
පන් හිදෙන් උතුරා හැලේ
රළු පරළු සෙල් කුළු මෙලෙක් වී
රූ රටා විසිකම් මැවේ

සියකමින් නොව යුතුකමින් සිත්
පහන් කළ විරු පරපුරේ
ගැමුණු පැරකුම් රජුන් විකුමන්
දිසෙයි යළි රජරට බිමේ

පද රචනය – පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය    – විශාරද කරුණාරත්න විජේවර්ධන